( ඩී.ජී.සුගතපාලසහ සුසිල් ප්‍රියන්ත )

ඇල්පිටිය පොලිසියේ නිලධාරින් විසින් අද සවස මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් සැකකරුවකුට මාංචු දැමිමට උත්සාහ කළ අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරින්ගෙන් මිදී පළා යද්දී පොලිසිය වෙඩි තබා ඇතත් වෙඩි කාගෙන සැකකරු පළා ගොස් ඇත.

මාංචු දමද්දී පොලිසිය සමග සැකකරු ග පොරබදා පලාගොස් ඇත. 

එම අවස්ථාවේ පොලිස් නිලධාරින් සැකකරුට වෙඩි තා ඇති බවත් ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මෙසේ පලාගොස් ඇති සැකකරු ඇල්පිටිය කහදුව රූකඩහේන පදිංචි 25 හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන ඇති අතර සැකකරු සොයා මේ වනවිට ඇල්පිටිය සහ නාගොඩ පොලිස් ස්ථාන විසින් ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.